fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයනික ලොකුලූනු බද්ද ඉහළට

    ආනයනික ලොකුලූනු බද්ද ඉහළට

    ආනයනික ලොකුලූනු සඳහා මෙතෙක් අය කළ කිලෝවට රුපියල් 10ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉකුත් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ.

    දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් තිබෙන හෙයින් දේශීය ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනික ලොකුලූනුවලට අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉකුත් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුන සඳහා මෙම බද්ද ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

    මේ අතර ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දියලුණු විශේෂ සඳහා අයකරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 දක්වා අඩු කරන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

    ආනයනික දියලුණු සඳහා කිලෝවට රුපියල් 40ක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බදු අයකළත් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දියලුණු සඳහා පමණක් රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

    දියලුණු ආනයනය කරන්නේ ඖෂධ නිෂ්පාදනය සඳහා පමණක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව ඉදිරිපත් වන ආනයනකරුවන්ට පමණක් එම බදු සහනය හිමි වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.