තවත්
    මුල් පිටුවspecialසෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අගමැති පදවියට

    සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අගමැති පදවියට

    සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු සිය පුත්‍රයා වන ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් එරට අග්‍රාමාත්‍යවරයා ලෙසත් දෙවන පුත් ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් නම් කර තිබේ.

    එඑරටට රජයේ මාධ්‍ය නිකුත් කරන ලද රාජකීය නිල නිවේදනයෙන් පෙන්වා දෙන පරිදි මෙම සංශෝධනය මගින් රජුගේ තවත් පුත්‍රයෙකු වන අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු බලශක්ති අමාත්‍යවරයා ලෙස තබා ගෙන ඇත.

    විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු, මුදල් අමාත්‍ය මොහොමඩ් අල්-ජදාන් සහ ආයෝජන අමාත්‍ය කාලිඩ් අල් ෆාලිහ් ඔවුන්ගේ තනතුරුවල රැඳී සිටින බව නියෝගය පෙන්වා දෙයි.

    අගමැති පදවිය ලද ඔටුන්න හිමි කුමරු ආරක්ෂක ඇමතිවරයාව සිට මෙලෙස උසස්වීමක් ලබා ඇත.

    ලොව විශාලතම තෙල් අපනයනකරු සහ මැදපෙරදිග එක්සත් ජනපදයේ ප්‍රධාන මිතුරෙකු වන සෞදි අරාබියේ තථ්‍ය පාලකයා බවට දැන් පත්වී ඇත්තේ ඔටුන්න හිමි කුමරු අගමැති මොහොමඩ් බින් සල්මාන් කුමරු ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img