තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආගමික ස්ථානවල විදුලි බිල ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට

    ආගමික ස්ථානවල විදුලි බිල ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට

    ආගමික සිද්ධස්ථානවල විදුලි ගාස්තු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ හෙට (28) දිනයේ සිදු කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

    විදුලිය නිෂ්පාදනය සඳහා වැයවන වියදම පාලනය කිරීමට සියලු දෙනා එක්විය යුතු බවත් ඒ වෙනුවෙන් විකල්ප බල ශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතැ යැයි අමාත්‍යවරයා කීවේය.

    සිතුවම් විනාශවී අභාවයට පත්වී ඇති මහනුවර හිඳගල ඓතිහාසික රජමහ විහාරයේ බිතුසිතුවම් සංරක්ෂණය පිළිබදව ක්ෂේත්‍ර නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා අද (27) මේ බව සඳහන් කළේය.

    විදුලි ගාස්තු සම්බන්ධ සාකච්ඡාවට අමතරව විහාරස්ථාන, ආගමික ස්ථාන හා පරිවෙන් ඇතුලු ආගමික අධ්‍යාපන ස්ථාන සඳහා සූර්යය පැනල මගින් විදුලි උත්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා කීහ.

    ඉදිරි වර්ෂය වන විට සියලුම ආගමික ස්ථාන සඳහා විකල්ප බලශක්ති උත්පාදන ක්‍රම ලබාදිමට ද ඒ යටතේ සැලසුම් කරන බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    හිඳගල රජමහා විහාරයේ විහාරාධිකාරී මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය පූජ්‍ය ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමි, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන්ත ජයසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ආර්.බී. හේරත් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img