fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිතුරුදමට අවසන් ගෞරවය..

    මිතුරුදමට අවසන් ගෞරවය..

    ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

    ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කර ෂින්සෝ අබේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

    ෂින්සෝ අබේ මහතා රාජ්‍ය නායකයකුට එහා ගොස් අවංක මිත්‍රත්වයකින් ශ්‍රී ලංකාවට හිතෛෂීව කටයුතු කළ මිත්‍රයකු ලෙස අතීත සිද්ධීන් තුළින් ප්‍රකට වේ.

    එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද එක් විය.

    ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් රැසක් අවමංගල්‍ය උත්සවයට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.