තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුහුණු කුමාරි විවේක ගන්න ගේ ඇතුළටම ගිහින්

    රුහුණු කුමාරි විවේක ගන්න ගේ ඇතුළටම ගිහින්

    බෙලිඅත්ත සිට අද (27) උදෑසන පැමිණි රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ධාවනය අවසන් කොට දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ගමන් කරවීමේදී එහි පැරණි ගොඩනැගිල්ලකට කඩාවැදී හානි සිදුව තිබේ.

    දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේ දී අංගනයෙන් ඉවතට ධාවනය වී දුම්රිය මෙලෙස ගොස් ඇත්තේ රියදුරුකුගේ නිල නිවාසයකට බව පැවසේ.

    ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ එම දුම්රිය, අංගනය වෙත ධාවනය කර ඇත්තේ දුම්රිය රියදුරු සහයකයෙක් බව ය.

    ඔහුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර ඇති බවද සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img