තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදෙස්ගතව රැකියා කරන අයට විශ්‍රාම වැටුප හඳුන්වා දෙයි

    විදෙස්ගතව රැකියා කරන අයට විශ්‍රාම වැටුප හඳුන්වා දෙයි

    විදෙස්ගත ශ්‍රමිකයින් දශක ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි විශ්‍රාම වැටුප් ක්‍රමය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වය සහිතව අද හදුන්වා දී තිබේ.

    විදේශ ගතවන ශ්‍රමිකයාගේ වයස, දායකත්වයට ලබාදෙන මුදල මත ‘මනුසවි’ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප තීරණය කෙරේ.

    මූලිකව රුපියල් 20,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙමගින් අවස්ථාව උදාවේ.

    දායක්වය ලබාදෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය මත මීට වඩා වැඩි මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීම සදහා අවශ්‍ය දායකත්වයද ලබාදිය හැකිය.

    දැනට විදේශ රැකියාවක් සදහා පිටත්ව යන ඕනෑම අයෙක්ට විශ්‍රාම වැටුප සදහා දායකත්වය ලබාදීම ආරම්භ කළ හැකිය.

    මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වාදීමේ අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ද එක්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img