තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරතෙල් කොලිටි නෑ කී සභාපතිට සංස්ථාව උත්තර දෙන්න යන විදිය

    බොරතෙල් කොලිටි නෑ කී සභාපතිට සංස්ථාව උත්තර දෙන්න යන විදිය

    බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    මෙම ප්‍රකාශයට හේතුවී ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයයි.

    මේ අතර CPC සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බව ද අමාත්‍යවරයා කියා සිටී.

    ලක්ෂපාන බිඳවැටීම, ඩීසල් සහ ඉන්ධන තෙල් සහ ජල කළමනාකරණය සඳහා ලංවිම සතුව ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමක් ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා කියාසිටී.

    මේ අතර ඉදිරි මාස කිහිපයේ ඛණිජ තෙල් සංස්ථාවට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් ප්‍රගති සමාලෝචන හමුවක්
    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමේ සැලසුම, ලංකා ගල් අඟුරු සමාගමේ අවශ්‍යතාවයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන සැලසුම් සහ එම ආයතන තුනේ මූල්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.

    ඒ් සඳහා ඉන්දික අනුරුද්ධ හා ඩී.වී.චානක යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img