තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු ජනාධිපති ආර්යාවගෙන් ලක්ෂ 10ක් කප්පමක් ඉල්ලා කරණවෑමියෙක් තර්ජනය කරල

    හිටපු ජනාධිපති ආර්යාවගෙන් ලක්ෂ 10ක් කප්පමක් ඉල්ලා කරණවෑමියෙක් තර්ජනය කරල

    හිටපු ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකතන ඇමතුම් දෙමින් රුපියල් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලා දිගින් දිගටම තර්ජනය කළ කරණවෑමියෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පුද්ගලයා කොළොන්නාව සාලමුල්ලේ පදිංචිකරුවෙක් වන ගනේෂන් යෝගන් නැමැති අයෙකි.

    දින තුනක්ම ඇයට තර්ජනයකර මුදල් ඉල්ලා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඇමතුම් 30ක් ඔහු විසින් අයෝමා රාජපක්ෂ මහත්මියට මෙම සැකකරු විසින් ලබාදී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    මෙම ඇමතුම වැරදීමකින් සිදුවී ඇති බව සිතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු එම ඇමතුම ලබාදෙමින් තර්ජනයකරන පුද්ගලයාට ඇමතුමක් ගෙන කරුණු පැහැදිලිකර දී ඇතත් ඔහු දිගින් දිගටම කරන තර්ජනයේ අඩුවක් නොවූ තැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිලිකර ඇති බව සඳහන්ය. දැනුවත් කිරීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තමන් ඒ ගැන දැනගෙනම එසේ දුරකතන ඇමතුම් දෙන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img