fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇල්ල රක්ෂිතයට ගිනි පිම්බ ඉස්කෝලෙ කොල්ලෝ ටිකට උසාවියෙන් දුන්නු අපූරු දඩුවම මෙන්න

    ඇල්ල රක්ෂිතයට ගිනි පිම්බ ඉස්කෝලෙ කොල්ලෝ ටිකට උසාවියෙන් දුන්නු අපූරු දඩුවම මෙන්න

    උපන් දින සාදයක් පැවැත්වීමට ඇල්ල ට ගිහින් රක්ෂිතයට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින සිසුන් 16 දෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය අපූරු දඩුවමක් අද ලබාදුන්නා.

    ඒ එක් සිසුවෙකු පැල 10 බැගින් 16 දෙනාම පැල 160ක් ගිනි ගැනීමට ලක්වූ ප්‍රදේශයේ සිටුවන ලෙසයි.

    මෙම පැල සිටුවන්න ඕනේ කියල අධිකරණය නියෝග කළේ ලබන ඉරිදා. හැබැයි ඒ පොලීසියේ අධීක්ෂණය යටතෙයි .

    හාලි ඇල සහ නමුණුකුල ප්‍රදේශවල පදිංචි මෙම සිසුන් 16 දෙනා බදුල්ල සහ බණ්ඩාරවෙල පාසල් කිහිපයකම අධ්‍යාපනයය ලබන අය බවයි පොලීසිය පවසන්නේ. මේ අය බදුල්ලේ පිහිටි උපකාරක පංතියක අධ්‍යාපනය ලබමින් සිටියදී එකිනෙකා දැන හදුනාගෙ තිබෙන බවත් කියයි.

    මෙම සිසුන් ඊයේ උපකාරක පංතියට ගියාමයි දැනගෙන තියෙන්නේ පංතිය පැවැත්වෙන්නේ නැහැ කියල. ඒ පෙර දැනුම් දීමකින් තොරව නිවාඩුවක් ලබාදී තිබුණු නිසයි. ඒ වෙලාවේ මෙම සිසුන් කල්පනාකරල තියෙනවා දැන් මොකද කරන්නේ කියල. එක සිසුවෙකුගේ උපන්දිනය ඊයේට යෙදිල තිබ්බ නිසා කට්ටිය කථාවෙලා තියෙනවා ඇල්ලට ගිහින් විනෝද වෙන්න.

    මේ අය විනෝද වෙලා තියෙන්නේ ඇල්ලේ රක්ෂිතයේ ගිනි මැලයක් ගහගෙනයි. මේ දිනවල අධික පෑවිල්ල නිසා ගහ කොල වේලිලා. මේ නිසා ගිනි මැලයේ ගින්න ගහකොලට ඇවිලිලා හුලං පාරත් එක්ක පැතිරිලා ගිහින්. ගමේ අයයි, වනජීවි එකේ අයයි, වනසංරක්ෂණේ අයයි, පොලීසියයි එකතු වෙලා ලොකු වෙහෙසක් අරගෙන ගින්න පාලයකරල. හැබැයි ඒ වෙනකොටත් අක්කර 15ක්ම ගින්නට දැවිල ගිහින්. ඒ නිසයි මේ සිසුන් 16 දෙනාව පොලීසියට අත්අඩංගුවට ගැනීමට සිදුවෙලා තියෙන්නේ. රක්ෂිතය ගිනි තැබූ වරදට.

    මේ අය උවමනාවෙන්ම රක්ෂිතයට ගිනි තිබ්බේ නැති නිසාත් අධ්‍යාපනය හදාරණ සිසුන් නිසාත් අධිකරණය ඒ ගැන ගොඩක් කල්පනාකරල සිසුන්ට අවවාදත් කරල තිබුණා. එයාලට පැල සිටුවන්න කියල නියෝගයක් පවා දෙන්නේ ගහකොල ගැන ඇති වටිනාකම පවා ඒ අයට දැනෙන්නත් එක්කයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.