තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම් අසාමාන්‍ය ලෙස ඉහළට

    ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම් අසාමාන්‍ය ලෙස ඉහළට

    නිවෙස් බිදුම් සහ කොල්ලකෑම් අසාමාන්‍ය ලෙස මේ වන විට ඉහළ ගොස් ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

    නිවෙස් බිඳුම් සහ සොරකම් , කොල්ලකෑම් සහ වාහන සොරා ගැනීම් වැනි බරපතල අපරාධ මෙන්ම සුළු සොරකම් 100ක් පමණ දෛනිකව මේ වන විට රටපුරා පොලිස් ස්ථානවලට වාර්තා වෙමින් තිබේ.

    ඇතැම් සොරකම් පොලිස් ස්ථානවලට වාර්තා නොවන බවද මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වේ.

    යතුරුපැදිවලින් ගමන්කරමින් මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල, අත් බෑග් කොල්ලෑකෑම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මෙම කොල්ලකෑම් වලට සම්බන්ධ වැඩි දෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවද අනාවරණය වී ඇත. මෙසේ කොල්ලකෑම්වල නිරතව සිටින අය අතර පොලීසියේ හා ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිස්ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img