තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමතිලාගේ රට සවාරි සීමා කෙරේ

    ඇමතිලාගේ රට සවාරි සීමා කෙරේ

    අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට ජනාධිපතිවරයා කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    ඒ දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරිමේ අරමුණිනි.

    එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගි කරවා ගත යුතු බවටත් මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img