fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොතට කවදත් හිතැති - Book Fair ගිය ජනපති

    පොතට කවදත් හිතැති – Book Fair ගිය ජනපති

    පොත් සමඟ නිතර කල්ගත කරන දේශපාලකයකු ලෙස කවදත් ප්‍රකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවරත් සුපුරුදු පරිදි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ එක් වී තිබේ.

    23 වන වරටත් පැවැත්වෙන එම ප්‍රදර්ශනයේ දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

    අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්,අතුල ජයකොඩි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක නිරත විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.