තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් හමුවේ

    අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් හමුවේ

    දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිව් වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවාගේ සිරුර මහවැලි ගඟේ තිබී අද සවස හමුවී තිබේ.

    අංජන කුලතුංග නැමැති එම සිසුවාගේ සිරුර හමුවී ඇත්තේ ගන්නෝරුවට ආසන්න ප්‍රදේශයේය.

    මෙම සිසුවා ශ්‍රස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි දක්ෂ සිසුවෙක් බව සඳහන්ය.

    ගම්පහ යක්කල පදිංචිකරුවෙක් වන ඔහු අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ලැබෙන්නේ පසුගිය 16 වෙනිදාය.

    සිසුවා අතුරුදන් වන්නේද මහවැලි ගඟට පැන සිය දිවි හානිකර ගන්නා බවට හැඟවෙන ආකාරයේ ලිපියක්ද ලියා තබාය. ඒ අනුව කිමිදුම් කරුවන් යොදා පසුගිය දින කිහිපය පුරාම සිසුවාව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය.

    මෙයට පෙරත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් මහවැලි ගඟට පැන සියදිවි හානිකරගෙන තිබුණි. එම සිසුවාගේ සිරුරත් හමුවූයේ දින ගණනාවකට පසුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img