තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විජිත හේරත්, ඩලස් පිලට එක්වෙයි

    විජිත හේරත්, ඩලස් පිලට එක්වෙයි

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත් මහතා, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවට එක්වී තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ද වූ ඒ මහතා එම පක්ෂයේ සියලු වගකීම්වලින් ඉවත්ව මෙසේ ඩලස් පිල සමග එක්ව ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ඊයේ (19) දිනයේදී නාවල පිහිටි නිදහස ජනතා සභාවේ කාර්යාලයේදී ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, චරිත හේරත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හමුවී විජිත හේරත් මහතා සිය සහාය පළ කර ඇති බව සඳහන් ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img