තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාසල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිවසට හොරු පනී

    කාසල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිවසට හොරු පනී

    කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ සේවයේ නිරතව සිටින හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිවසකට ඊයේ හොරුපැන ලක්ෂ 35ක මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ.

    එම විශේෂඥ වෛද්‍යවරයාගේ නිවස පිහිටා ඇත්තේ මහරගම පංසල පාරේදීය.

    අමෙරිකානු ඩොලර් 800ක්, යුරෝ 1000ක්, ශ්‍රී ලංකා රුපියල් 26,000ක් සහ රන් භාණ්ඩ රැසක් මෙහිදී සොරාගෙන ගොස් තිබේ.

    මෙම භාණ්ඩ සියල්ලගේම වටිනාකම රුපියල් ලක්ෂ 35ක් බව වෛද්‍යවරයා මහරගම පොලීසියට දැනුම්දී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img