තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහකන්නයේ ගොවීන්ට යූරියා පොහොර දෙන දවස

    මහකන්නයේ ගොවීන්ට යූරියා පොහොර දෙන දවස

    මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ලබන 01 වැනි දා සිට ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

    ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න මහතා පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය ගොවීන්ට වෙත ලබාදෙන බව ය.

    පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20 ක් ලබාදීමට නියමිතයි.

    කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ගොවීන්ට පොහොර ලබාදීම සිදු කරන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img