fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජංගම දුරකතන 125ක කොටස් සමඟ ගෙවල් 250කට රිංගූ හොරෙක් අල්ලයි

    ජංගම දුරකතන 125ක කොටස් සමඟ ගෙවල් 250කට රිංගූ හොරෙක් අල්ලයි

    මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ පමණක් නිවාස 250කට වැඩි ප්‍රමාණයකට හොර රහසේ ඇතුළු වී කෝටි ගානක දේපොල සොරාගත් මත්කුඩු ලෝලියෙක් දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සොරාගෙන හෙළිකරගත් තොරතුරු මත ඔහු විසින් සොරාගෙන ජංගම දුරකතන අලුත් වැඩියා කිරීමේ ස්ථානවලට අලෙවිකර තිබුණු ජංගම දුරකතන 125 ක කොටස්ද සොයාගෙන ඇත. එම ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ ස්ථානවලට මෙම පුද්ගලයා ලබාදෙන දුරකතන කොටස්කර තිබී ඇති බවද පොලීසිය කියයි. එසේ කොටස්කර ඇත්තේ මෙම දුරකතන සොරාගත් ඒවා බව ඔවුන්ද දැනගෙන බැවින් දුරකතන අලුත් වැඩියාවේදී එම කොටස් යොදා ගැනීමටය. එම දුරකතනවල වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවත් ඔහු විසින් කොපමණ දේපොලක් සොරාගත්තේදැයි ඔහුටම මතකයේ නැති බවත් පොලීසිය කියයි. ජංගම දුරකතන පමණක් සොයාගත් ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් ඔශු විසින් සොරාගෙන ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

    රත්තරන් නමින් හදුන්වන මෙම සොරා දෙමටගොඩ ආරාමය පාරේ පදිංචිකරුවෙකි. වෘත්තියක් ලෙස සොරකමේ නිරතවන අයෙක් වන ඔහු දිනකට රුපියල් 25,000ක පමණ මත්කුඩු භාවිතාකරන බව ද අනාවරණය වී ඇත. ඊට අමතරව කාන්තාවන්ටද ඔහු වියදම්කරන බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තිදරුමවක් වන කාන්තාවක් සමඟ සතියක් තිස්සේ කිරිවත්තුඩුවේ හෝටල්කාමරයක ජීවත්වී ඇති බවත් පොලීසිය කියයි. දිනකට එම කාමරයට රුපියල් 5500ක කුළියක් පවා ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

    ගෙවල් බිඳ සොරාගත් භාණ්ඩ ජංගම දුරකතන 125ට අමතරව ලැප්ටොප් 10ක්, පියානෝවක්, ගිටාරයක්, කොටස් ගලවන ලද ඔරලෝසු 520ක් රූපවාහිනී යන්ත්‍ර 03ක් ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.