fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෙසින් මත්ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් නාවික සෙබලා කොටුවේ

    පොලිස් වෙසින් මත්ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් නාවික සෙබලා කොටුවේ

    පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ සේවයකරන උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දුරකතන ඇමතුම් දෙමින් වැටලීම් නොකර සිටීමට යැයි කියා මුදල් ලබාගනිමින් සිටි නාවික හමුදාවේ සෙබලෙකුව හොරණ නගරයේදී පොලීසිය අද අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ පාදුක්කේ ගංජා ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදීමය. .

    මධ්‍ය දූෂණ දූෂණ මර්දන බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පාදුක්කේ වැටලීම් දෙකක අද නිරතව ඇත. එහිදී පළමු වැටලීමකර ඇත්තේ නීති විරෝධි මත්පැන් අලෙවි කිරීමේ ස්ථානයකි. අනතුරුව වැටලා ඇත්තේ ගංජ ජාවාරම්කරුවෙකුගේ නිවසකි. එහිදී ගංජා ජාවාරම්කරු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ ලක්ෂ 05ක් ඉල්ලා නොදීම නිසා මෙසේ සිය ගංජා ජාවාරම වැටලීමට පැමිණ ඇති බවය. අවශ්‍යනම් එම මුදල ලබාදෙන්නම් යැයි ඔහු පවසා තිබේ.

    එහිදී වැටලීම කළ නිලධාරීන් ගංජා ජාවාරම්කරුට පවසා ඇත්තේ එම ඇමතුම ලද පුද්ගලයාට නැවත ඇමතුමක් දෙමින් මුදල් ලබාදෙන්නම් යැයි පවසන ලෙසය. ඒ අනුව ඔහුට ගංජා ජාවාරම්කරු දුරකතන ඇමතුමක් දුන් විට ඔහු පවසා ඇත්තේ ලක්ෂ 05 රැගෙන හොරණ පැමිණෙන ලෙසය. එහිදී ඔහු තමන් හැද සිටින ඇදුම්වල විස්තරද සපයා ඇති අතර ඒ අනුව හොරණට ගිය පොලිස් නිලධාරීන් ඔහුව හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පුද්ගලයා නාවික හමුදාවේ හිටපු සාමාජිකයෙක් බවට තොරතුරු හෙළිවී ඇත්තේ එහිදීය. ඔහු පිළිමතලාවේ පදිංචිකරුවෙකි. 34 වියැති ඔහු හේමාල් උදාර නැමැති අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

    බුද්ධි නිලධාරියෙක් ලෙස රටපුරා සැරිසරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේත් ධනවත් ව්‍යාපාරිකයන්ගේත් තොරතුරු රැස්කරමින් මෙසේ පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම්වල මොහු කාලයක් තිස්සේ නිරතව සිටින බව විමරිිශන වලින් හෙළිවී තිබේ.

    මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර සහ ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරීික්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙවැවීමෙන් මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.