තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආහාර නොවන භාණ්ඩ මිල යළිත් ඉහළ යන ලකුණු

    ආහාර නොවන භාණ්ඩ මිල යළිත් ඉහළ යන ලකුණු

    ආහාර නොවන වෙනත් භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඇතැම් සුපිරි වෙළෙඳසල් අධික කොමිස් මුදල් අයකිරීම හේතුවෙන් නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඇතැම් භාණ්ඩ අලෙවි කිරීම සඳහා මෙතෙක් අය කළ 20%ක කොමිස් මුදල 25% දක්වා ද 30% ක් වූ කොමිස් මුදල 35% දක්වා ද ඉහළ නංවන්නැයි සුපිරි වෙළඳසැල් හිමියන් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටින බවද පැවසේ.

    වැට් බදු ඉහළ නැංවීම, විදුලි ගාස්තු නැංවීම ආදී හේතු කියමින් කොමිස් ඉහළ නැංවීමට සුපිරි වෙළඳසැල් හිමියන් නිෂ්පාදකයින්ට දැඩි බලපෑම් සිදු කරන බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

    එලෙස කොමිස් මුදල ඉහළ නංවන්නේ නම් භාණ්ඩ මිල ඊට සාපේක්ෂව ඉහල දැමිය යුතු බව ද එමගින් පාරිභෝගිකයින් අසාධාරණයට පත් වන බව ද නිශ්පාදකයින් සුපිරි වෙළෙඳසල් හිමියන්ට දැනුම් දී තිබේ.

    රටේ පවතින තත්වය හමුවේ සුපිරි වෙළෙඳසල් අයකරන කොමිස් මුදල ඉහළ නැංවීම දැඩි අසාධාරණයක් බවද නිෂ්පාදකයෝ කියති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img