fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරෙච්චෝලේ ලක්විජය බලාගාරයේ ජැටියෙන් වැටී සේවකයෙක් අතුරුදන්

    නොරෙච්චෝලේ ලක්විජය බලාගාරයේ ජැටියෙන් වැටී සේවකයෙක් අතුරුදන්

    කල්පිටිය- නොරෙච්චෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ ජැටියෙන් වැටී එහි සේවය කරමින් සිටි කනිෂ්ඨ කාර්මික ශිල්පියෙකු මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති බව නොරචෝලේ පොලීසිය සදහන් කරයි.

    16 වැනිදා දහවල් 12.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

    මුහුදේ ගිලී අතුරුදහන්වී ඇත්තේ පතිරාජ මුදියන්සේලාගේ හර්ෂ හේමන්ත ප්‍රියශාද් (අවු:32) නම් අයෙකි.

    හෙතෙම පල්ලම – තෝරවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මුහුදේ ගිලී අතුරුදහන්වූ කාර්මික ශිල්පියා සොයා නාවුක හමුදාව විමර්ශණයක් ආරම්භ කර ඇත.

    ඒ සදහා නාවුක හමුදාවේ කිමිදුම් අංශයේ සහායද ලබා ගෙන ඇති බව පොලීසිය කියයි.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.