තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇරලා දවසයි ආදායම රු. ලක්ෂ 21යි

    ඇරලා දවසයි ආදායම රු. ලක්ෂ 21යි

    විවෘත කළ පළමු දිනයේ ම නෙළුම් කුළුණ රුපියල් ලක්ෂ 21 ක ආදායමක් උපයාගෙන තිබෙන බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසනවා.

    එහි ප්‍රධාන විධායක නිලධාරි,විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ, ඊයේ දිනයේ කුළුණ නැරඹීමට අමුත්තත් 2,662 දෙනෙකු පැමිණි බවයි. 

    යළිත් අද දිනයේ පස්වරු 1.00 ට කුළුණ නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමි වේ. 

    දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ඊයේ පස්වරුවේ සිට ජනතාවට විවෘත කෙරුණේ,  විවෘත කිරීමේ පළමු අදියර ලෙසයි.

    වර්ග මීටර් 30,600 ක් වූ වපසරියක ඉදිකර ඇති නෙළුම් කුළුණේ උස මීටර් 350 කි. 

    ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් 7 වන මහලේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැකියි.

    නෙළුම් කුළුණේ දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වන අදියර ලබන වසරේ මාර්තු මාසය වන විටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සැලසුම් කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img