තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ග්‍රීන් හවුස් ඇතුළේ සැපට වැවුණු හයිබ්‍රිඩ් ගංජා

    ග්‍රීන් හවුස් ඇතුළේ සැපට වැවුණු හයිබ්‍රිඩ් ගංජා

    එළවළු වගාවක් ලෙස නිවසක හරිතාගාරයක් තුල ඉතා සූක්‍ෂමව වගා කරන ලද හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන් ප්‍රභේදයක් වන කුෂ් (ගංජා) පැළ සමඟ පුද්ගලයකු නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර, ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

    එහි දී ග්‍රීන් හවුස් ලෙස සකස්කරන ලද ගෘහස්තව ඉතා සුක්ෂම අයුරින් වගා කළ හයිබ්‍රිඩි ගංජා පැළ විවිධ ප්‍රමාණයේ උසින් පැළ 71 ක වගාවක් සොයාගෙන ඇත.

    විදේශීය රටවල වගාකරන ප්‍රභේදයක් වන මෙම දෙමුහුන් වර්ගය ඉතා රහසිගත ලෙස මෙම සැකකරු විසින් වගා කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 27 ක පුද්ගලයකි.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තේපිටිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඩබ්.සි.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මීපිලිමාන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.යූ. සමරසිංහ නිලධාරියාට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඩබ්.පි.එස්. විමලවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 15 වන දින වැටලීම සිදුකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img