තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික -ජාත්‍යන්තර දක්ෂතා දැක්වු ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයේ

    ජාතික -ජාත්‍යන්තර දක්ෂතා දැක්වු ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයේ

    ජාතික හා ජාත්‍යන්තර ජයග‍්‍රහන ලබා ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරි ගැන්විම වෙනුවෙන් සංවිධානය කරනු ලැබු ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් ඇගයීම් ප‍්‍රදානෝත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(14) වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

    මෙහි දි ආසියානු දැල්පන්දු තරගාවලියේ දි විශේෂ දක්ෂතා දැක්වු ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායමේ සමාජිකා ස්කෝඩ‍්‍රන් ලීඩර් චතුරංගි ජයසූරිය සහ නායක ගුවන් කාන්තා රශ්මි දිව්‍යාංජලි ඇගයිමට ලක් විය.

    පසුගියදා පැවති මන්චි සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ ශුරතාවය දිනාගත් ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩයම් ද, මිස්ටර් ශ‍්‍රි ලංකා කිරුල හිමිකරගත් ගුවන් හමුදා කායවර්ධන සංවිතයේ නායක ගුවන්භට චමින්ද පිරිස්, ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම මෙන්ම ජාතික මට්ටමේ ශූරතා දිනාගත් ගුවන් හමුදා වෙඩි තැබිමේ සහ ජිවිතාරක්ෂක ක‍්‍රිඩා අංශයන් හි කණ්ඩායම් ද ගුවන් හමුදාධිපතිවරයාගේ ඇගයිමට ලක්විය.

    තවද පසුගියදා පැවති ආසියානු දැල්පන්දු තරගාවළියේදි දැක් වු දක්ෂතාවයන් සැලකිල්ලට ගනිමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ජාතික දැල්පන්දු ක‍්‍රිඩිකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා රශ්මි පෙරේරා කෝප‍්‍රල් නිළය දක්වා උසස් කිරිමට ද මෙහිදි උපදෙස් ලබාදිම සිදුකරන ලදි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img