fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අම්බලන්ගොඩ නගර සභාවට නව සභාපතිවරයෙක්

    අම්බලන්ගොඩ නගර සභාවට නව සභාපතිවරයෙක්

    අම්බලන්ගොඩ නගර සභාවට නව සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීමක් ලබන සඳුදා(19) පෙරවරු 10ට එම නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නව සභාපතිවරයා තෝරා ගැනෙන අතර සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිතය.

    අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩුව පවතී.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.