තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කේරල ගංජා කිලෝ 434ක් ඉන්දියානුවන් 05ක් එක්ක අල්ලයි

    කේරල ගංජා කිලෝ 434ක් ඉන්දියානුවන් 05ක් එක්ක අල්ලයි

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් මෙරටට රැගෙන එමින් තිබුණු රුපියල් මිලියන 130ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 434ක් සමඟ ඉන්දියානුවන් 05 දෙනෙක් සහ ශ්‍රී ලංකිකයන් 05 දෙනෙක් ඊයේ සවස කොටුකර ගෙන තිබේ.

    ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

    මුලින්ම කොටුකරගෙන ඇත්තේ කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන පැමිණි ඉන්දියානුවන් රැගත් බෝට්ටුවය. අනතුරුව එම කේරල ගංජා තොගය භාරගැනීමට සුදානමින් සිටි ශ්‍රී ලංකිකයන් 05 රැගත් බෝට්ටුව කොටුකරගෙන තිබේ.

    මෙතරම් ගංජා තොගයක් සමඟ ඉන්දියානුවන් පිරිසක් කොටුකරගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක ‘සුරක්‍ෂා’ නෞකාව මඟින් ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, පුත්තලම කුදිර‍මලේ තුඩුවට බටහිර දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂා කළ බවද නාවික හමුදාව සඳහන් කරයි. එහිදී, එම ඉන්දීය ඩව් යාත්‍රාව තුල තිබූ උර 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 434(තෙත බර සහිත) ක පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු (05) ‘සුරක්‍ෂා’ නෞකාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදැයිද නාවික හමුදාව පවයි.

    මෙම ඉන්දීය ඩව් යාත්‍රාවෙන් රැගෙන ආ කේරළ ගංජා තොගය මුහුදේදී හුවමාරු කර මෙරටට රැගෙන ඒම සඳහා එම මුහුදු ප්‍රදේශයට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් පස් දෙනෙකු (05) ද ‘සුරක්‍ෂා’ නෞකාව මඟින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බවද නාවික හමුදාව වැඩිදුරටත් මෙම වැටලීම සම්බන්ධයෙන් සඳහන් කරයි.

    ගොඩබිමට රැගෙන එමින් ඇති මෙම සැකකරුවන් සමඟ කේරල ගංජා තොගය කල්පිටිය පොලිස් ස්ථානයට භාරදීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img