තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුටම ටැක්ස් ෆයිල් එකක්

    පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුටම ටැක්ස් ෆයිල් එකක්

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙක්ම බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

    එමගින් රටට ආදර්ශයක් දීම වැදගත් බවත් එය පාර්ලිමේන්තුවෙන් ඇරඹීම ඉතා වැදගත් බව ද සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා පැවසීය.

    බදු අයකිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා රාජ්‍යයට මුදල්, බදු ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා කීය.

    රටේ ජනතාවගෙන් බදු එකතු කිරීමට ප්‍රථම රටට ලැබිය යුතු ආදායම් බදු පැහැර හරින ඉහළ පෙළේ ආයතන, සමාගම්වලින් නියමිත බදු ලබා ගතයුතු බව ද පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img