තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි වාහන ගෙන්වන බලපත්‍රය ගැන දැනගන්න ඇමතුම් අංකයක්

    විදුලි වාහන ගෙන්වන බලපත්‍රය ගැන දැනගන්න ඇමතුම් අංකයක්

    විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු යොමු කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් ඇතුළු දුරකතන අංක තුනක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබේ.

    ඒ අනුව 0773 039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 අංකය ඔස්සේ ප්‍රබෝධ කග්ගොඩආරච්චි මහතා වෙත හෝ 0112 582 447 යන අංකය ඔසේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) වෙත දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

    2022 මැයි 1 සිට 2023 අප්‍රේල් 30 දක්වා ඇමරිකානු ඩොලර් 3000කට වඩා වැඩි මුදලක් එවීමේදී, එවනු ලැබූ මුදල මෙන් සියයට පනහකට අඩු සී.අයි.එෆ් අගයක් සහිත යතුරුපැදියක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවේ.

    2022 මැයි 1 සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවීමේදී ඉලෙට්‍රික් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට හැකිය.

    ඒ අනුව ඉලෙට්‍රික් මෝටර් රථයක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථයක් හෝ ටිපර් රථයක් ආනයනය කිරීමේ අවස්ථාව හිමිවේ.

    මෙම වාහන ආනයන බලපත්‍ර ලබාගැනීම සඳහා වන අයදුම්පත්‍ර මේ වන විට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇත.

    එම අයදුම්පත්‍ර සම්පූර්ණ කර අදාළ සියලුම ලිපි ලේඛන සමග කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

    විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමේදී, එවනු ලබන මුදලට සාපේක්ෂව ඉලෙට්‍රික් වාහනයනක් ආනයනය කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය කම්කරු සහ විදේශ රැකියා අමාතය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාගත් අතර ඒ අනුව මෙම පහසුකම් සැලසේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img