fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති වෙනස් කරනවාද? - රජයෙන් ප්‍රතිචාරයක්

    අගමැති වෙනස් කරනවාද? – රජයෙන් ප්‍රතිචාරයක්

    අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය.

    වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පරිනත දේශපාලනඥයකු බව ඔහු ක්‍රියාකලාපයෙන් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලව බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක් වන අතර ඔවුන්ට ලැබෙන වාහන ගණන  පවා ඉතාම සීමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.