fbpx
තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍යයේ නව රජු නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරයි

    බ්‍රිතාන්‍යයේ නව රජු නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරයි

    බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස අද දින තුන් වන චාල්ස් රජු ශාත්න ජේම්ස් මාලිගයේදී නිල වශයෙන් උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    හිටපු බ්‍රිතාන්‍ය මහ රැජින වූ දිවංගත් දෙවන එලිසබෙත් රැජිනියෙග් අභාවයත් සමඟම වහාම ක්‍රියාත්මක වන පරිදි නව රජු ලෙස ඇගේ වැඩිමහල් පුතු පත් වුවද එය නිල වශයෙන් පත් කිරීමට අවශ්‍යව තිබිණි.

    ඒ අනුව මෙලෙස නව රජු නිල වශයෙන් ප්‍රකාශට පත් කිරීමෙන් අනතුරුව ඔහු ප්‍රතිමයෙන්ම දිවංගත රැජිනියගේ අවමංගල්‍ය දිනය ප්‍රකාශයට පත් කළ අතර පසුව එම දිනය බ්‍රිතාන්‍යයේ බැංකු නිවාඩු දිනයක් බවටද ප්‍රකාශයට පත් කෙරිණි.
    .
    නව රජු නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ අවස්තාවට බ්‍රිතාන්‍යයේ නව අග්‍රමාත්‍යවරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, විනිසුරුවන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පිරී තිබිණි.

    පසුව, දහස් සංඛ්‍යාත ජනකායක් ජාතික ගීය ගායනා කිරීමට පෙර, ශාන්ත ජේම්ස් මාලිගයෙන් පිටත ” දේවියන් විසින් රජු ආරක්ෂා කරත්වා” යනුවෙන් යන අත්පොලසන් හඬ සහ ප්‍රීති ඝෝෂා නැඟිණි.

    මෙම අවස්ථාවේදී අමතමින් බ්‍රිතාන්‍යයේ නව රජු පවසා සිටියේ තමන් සිය මවගේ අඩිපාරේ යමින් සිය ජනයාට සේවය කිරීමට කැපවෙන බවයි. එහිදී ඔහු සිය මවගේ මරණය ප්‍රකාශ කිරීමට සිදුවීම තමගේ වඩාත්ම කණගාටුදායක රාජකාරිය බව සිහිපත් කළේය.

    “මෙම වගකීම් භාරගැනීමේදී, ව්‍යවස්ථාපිත ආන්ඩුව ආරක්ෂා කිරීම සඳහා මා තබා ඇති ආනුභාව සම්පන්න ආදර්ශය තවුදුරටත් අනුගමනය කිරීමටත්, මෙම දූපත්වල සහ ලොව පුරා සිටින පොදුරාජ්‍ය මණ්ඩලීය ක්ෂේත්‍රවල සහ ප්‍රදේශ වල ජනතාවගේ සාමය, සමගිය සහ සමෘද්ධිය සෙවීමට මම උත්සාහ කරමි.” යනුවෙන්ද හෙතෙම පැවසීය.

    “මුළු ජාතියම ඔබ කෙතරම් කණගාටු වනවා දැයි මම දනිමි, මම සිතනවා මුළු ලෝකයම, අප සියල්ලන්ටම අත්විඳින ලද පිරිමැසිය නොහැකි පාඩුවක් මෙය.” යනුවෙන්ද නව රජු පවසයි.

    මෙම උත්සවයට හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන්, තෙරේසා මේ, ඩේවිඩ් කැමරන්, ගෝර්ඩන් බ්‍රවුන්, ටෝනි බ්ලෙයාර් සහ ජෝන් මේජර් ඇතුළු පුද්ගලික කවුන්සිලයේ සාමාජිකයින් 200 ක් සහභාගී විය.

    කෙසේ වෙතත් චාල්ස්ගේ රාජාභිෂේකය පසු දිනකදී සිදුවනු ඇති අතර එය පැවැත්වෙන දිනය තවමත් පැහැදිලි නොමැති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි.

    එසේම 1952 දී එලිසබෙත් රැජින බවට පත්වීම සිදුවුවද ඉන් මාස 16 පසුව 1953 දී ඇයගේ රාජාභිෂේකය පැවතිනි.

    මෙම උත්සව පැවති මාලිගය බ්‍රිතාන්‍ය රජ පවුලට ඉතාම සමීප සහ සුවිශේෂි මාලියක් වන අතර එය 1530 දී අටවන හෙන්රිගේ රජුගේ නියෝගයෙන් ගොඩනඟන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.