fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ පහතට

    ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ පහතට

    එක්සත් ජතීන්ගේ සංවිධානය විසින් 2021 වර්ෂයට අදාලව නිකුත් කළ මානව සංවර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව පෙර වර්ෂයට සාපෙක්ෂව පසු බැසීමක් වර්තා වී ඇත.

    ඒ අනුව ලොව පුරා රටවල් 191ක් පාදක කරගෙන වර්ෂීකව සකස් කරනු ලබන මෙම සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමව ඇත්තේ 73 වන ස්ථානයයි. එය 2020 වසරට සාපෙක්ෂව එක් ස්ථානයක් පසුපසට යෑමකි.

    මානව සංවර්ධන දර්ශකය මූලික අංශ තුනක් කෙරෙහි අවධානය යොමුකරන අතර එහිදී ආයු අපෙක්ෂාව මගින් සෞඛය සම්පන් ජීවින තත්ත්වයක්ද,දැණුමට ඇති ප්‍රවේශය ඔස්සේ අධ්‍යාපන තත්ත්වයද සහ යහපත් ජීවන තත්ත්වය යන කරුණු සැලකිල්ලට ගනී.

    ඒ අනුව මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට 0.782ක අගයක් හිමිව ඇති අතරම ශ්‍රී ලංකාව මානව හිමිකම් සංවර්ධන දර්ශකයට අනුව ඉහළ මානව සංවර්ධනයක් ඇති රටවල් අතර ඇතුලත්ව ඇත.

    වර්ෂ 1990 සහ 2021 අතර කාලයේද ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන අගය 0.636 සිට 0.782 දක්වා වෙනස් වූ අතර එය සියයට 23.0 ක වෙනසක් බවද ජගත් සංවිධානය පෙන්වා දෙයි.

    මේ අතර 1990 සහ 2021 අතර ශ්‍රී ලංකාවේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 4.5 කින් වෙනස් ව ඇති අතර, පාසල් අධ්‍යාපනයේ යෙදන කාලයද වසර 2.7 කින් සහ අපේක්ෂිත පාසල් අධ්‍යාපනය වසර 2.9 කින් ඉහළ ගොස් තිබේ.

    කෙසේ වෙතත් මෙම දර්ශකයේ ඉන්දියාවට රවල් 191 කින් හිමව ඇත්තේ 132 වන ස්ථානයයි.

    මේ අතර ගෝලීය වශයෙන් මානව ජීවන තත්ත්තවය සහ ආයු අපෙක්ෂාව පසුගිය කාලයේදී විශාල වශයෙන් පහළ බැස ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාවකින් අනාවරණය වේ.

    මෙම පසු බෑමට පසුගිය වසර දෙක තුලදී ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වයද විශාල හේතුවක්ව පැවතිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.