අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා ලබාගන්නා රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු 20%කින් ද මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25%කින් ද ඉහළ දැමීමට නියමිතයි.
අයවැය මගින් වැට් බද්ද 15%කින් ඉහළ දැමීම නිසා මෙලෙස ගාස්තු ඉහළ දමා ඇත.