fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොතරැයි මුද්‍රණයට කඩදාසි සංස්ථාවෙන්

    ලොතරැයි මුද්‍රණයට කඩදාසි සංස්ථාවෙන්

    ලොතරැයි මුද්‍රණය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයට අවශ්‍ය කඩදාසි ජාතික කඩදාසි සංස්ථාව මගින් මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබේ.

    රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, ජාතික කඩදාසි සංස්ථාව සමඟ කර්මාන්ත අමාත්‍යාංශයේ දී (01) මෙම ගිවිසුමට එළැඹිණ.

    මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද එක්ව සිටියේය.

    එළඹෙන 2022 සැප්තැම්බර් 04 වන දිනට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව 54 වන සංවත්සරය සමරයි.

    මෙම ගිවිසුමට අනුව ඉදිරියේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ (NLB) ලොතරැයි පත් බාධාවකින් තොරව මුද්‍රණය කර ලබා දීමට රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට හැකියාව ලැබෙනු ඇත.

    රජයේ මුද්‍රණ සංස්ථාවේ සභාපති වරලත් ගණකාධිකාරී ජේ.එම්.යූ.බී. ජයසේකර මහතා සහ ජාතික කඩදාසි සමාගමේ(ජාතික කඩදාසි සංස්ථාව) සභාපති විමල් රූපසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබීය.

    1968 සැප්තැම්බර් 04 වන දින එවකට රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ රජයේ මුද්‍රණ සංස්ථාව, ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් හතලිස් දෙලක්ෂයකට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයට දායකත්වය ලබාදෙයි.

    ඊට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මුද්‍රණය ද සිදුකරනු ලබයි.

    SPC නමින් පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මුද්‍රණය කර ලබාදීම ද රජයේ මුද්‍රණ සංස්ථාව සිදුකරයි.

    දිවයින පුරා විසිරී සිටින ලොතරැයි අලෙවිකරුවන්ට අවශ්‍ය ලොතරැයි අඛණ්ඩව කලට වේලාවට ලබාදීමට නව ගිවිසුම මඟින් ඉඩ කඩ සැලසේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.