තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙවර සරසවිවලට සිසුන් 42000ක්

    මෙවර සරසවිවලට සිසුන් 42000ක්

    මෙවර විශ්ව විද්‍යාලවලට සිසුන් 42519 දෙනකු ඇතුළත් කර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

    ඒ අනුව 2021- 2022 අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය පීඨවලට සිසුන් 2035 ක්ද ඉංජිනේරු පීඨ සඳහා සිසුන් 2238ක් ද වශයෙන් ඇතුළත් කර ගැනීමට නියමිත බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

    නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් ලබන සඳුදා (05) සිට භාරගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    ඒ අනුව 2021-2022 අධ්‍යයන වර්ෂය සඳහා වන එම ප්‍රවේශපත් මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ සැප්තැම්බර් මස 23 වැනි දින දක්වා භාරගන්නා බව ද ඔහු කීය.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රවේශ අත්පොතේ සඳහන් උපදෙස් අනුව අයදුම්පත් සම්පූර්ණ කළ යුතු බව ද සම්පත් අමරතුංග මහතා කීය.

    අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දී යම් ගැටළුවක් මතු වුවහොත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 අංකය ඔස්සේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 0112695301 යන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ විමසිය හැකි බවද ඔහු කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img