fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔන්ලයින් ඇඳුම් විකුණන -රැකියා දෙන ෆේස්බුක් පිටු ඔස්සේ තරුණියන්ගේ නිරුවත් සේයාරූ රැස්කළ...

    ඔන්ලයින් ඇඳුම් විකුණන -රැකියා දෙන ෆේස්බුක් පිටු ඔස්සේ තරුණියන්ගේ නිරුවත් සේයාරූ රැස්කළ උසස්පෙළ සිසුවකු අත්අඩංගුවට

    විලාසිතා, ඇඳුම් ඔන්ලයින් අලෙවිකරන සහ ඔන්ලයින් ‍රැකියා අවස්ථා ලබදෙන බව පවසමින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටු ඔස්සේ වංචනික ලෙස තරුණියන්, කාන්තාවන් හා පාසල් සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප රැස්කළ උසස් පෙළ පාසල් සිසුවකු රඹුක්කන, පින්නවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම තරුණයාගේ උසස් පෙළ ප්‍රතිඵල මෙවර නිකුත්ව තිබූ අතර ප්‍රතිඵල නිකුත් වනවිට ඔහු පසුව ඇත්තේ අත්අඩංගුවේ ය.

    කලා විෂයයන්ගෙන් විභාගයට පෙනී සිට ඇති මෙම සිසුවා විෂයන් තුනම අසමත් බව ද වාර්තා වේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ මෙම සිසුවා කාන්තා විලාසිතා හා ඇඳුම් ඔන්ලයින් අලෙවි කරන ෆේස්බුක් පිටුවක්, ෆේස්බුක් සමූහ හා කාන්තා නම්වලින් ද ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවයි.

    එම විලාසිතා සහ යට ඇඳුම් ඔන්ලයින් ගෙන්වා ගත හැකි ෆේස්බුක් පිටුවට ඇනවුම් කරන කාන්තාවන් සහ තරුණියන් එම ඇනවුම් කිරීමේදී මොහු වංචනික ලෙස ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් වෙත රිංගා ගනී.

    මොහු මෙය ඇනවුම කරන අවස්ථාවේදී ඒ ඒ කාන්තාවන්ගේ ජංගම දුරකනතයට යවන ලද ලින්කුවක් මාර්ගයෙන් රහසිගතව පිවිසෙන අතර ඉන්පසුව එම ගිණුම්වල මැසෙන්ජර් පණිවුඩ ඔස්සේ ඔවුන් හුවමාරු කරගන්නා ලද අතිශය පෞද්ගලික ඡායාරූප, වීඩියෝ ආදිය රැස්කර තබාගනී.

    එමෙන්ම ඔන්ලයින් රැකියා, අර්ධ කාලීන නිවසේ සිට කළ හැකි රැකියා ආදිය දෙන බව පවසන ෆේස්බුක් පිටුවකින් ද එලෙස වංචනික අයුරින් තරුණියන් හා සම්බන්ධ වී මුදල් අවශ්‍යතා පවතින තරුණියන්, කතුන් හා සිසුවියන් රවටා මෙලෙසම ඡායාරූප රැස්කරගන්නේ සූක්ෂ්ම අයුරින් බවට විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    කාන්තා ෆේස්බුක් ගිණුම ඔස්සේ ද තරුණියන් හා මිතුරුවී ටික කලකදී එමගින් ඉහත වංචාවට හසුවූ තරුණියන්ට ඔවුන්ගේ පෞද්ගලික, අඩනිරුවත් ඡායාරූප යවා බියගන්වා තව තවත් ඡායාරූප රැස්කරගැනීමට මොහු කටයුතු කර ඇත.

    මෙම සිසුවා කලක් තිස්සේ කරගෙන ආ මෙම සයිබර් අපරාධය ඔස්සේ රැස්කරගත් නිරුවත්, අඩනිරුවත් ඡායාරූප 600කට අධික සංඛ්‍යාවක් විමර්ශන නිලධාරීන් විසින් ඔහු සතුව තිබී සොයාගෙන තිබේ.

    පොලීසියට ලද පැමිණිල්ලක් ඔස්සේ පැවැත්වූ විමර්ශනයකදී මොහු කොටුකරගැනීමට රහස් පොලීසියට හැකිව ඇත.

    මොහු විසින් එලෙස ඡායාරූප රැස්කරගත් අය අතර පාසල් සිසුවියන්, කාන්තාවන්, තරුණියන් බොහොමයක් වන බවත් ඔවුන් තම පෙම්වතාට තෑගි ‍ලබාදීමට, ඇදුම් ආයිත්ත්තම් ගැනීමට, ජංගම දුරකතන මිලදී ගැනීම් ආදියට මුදල් සෙවීමට උත්සහ කළ අය වන බව ද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

    කෙසේවෙතත් මෙම වංචාවට හෝ මෙවැනි වංචාවන්ට හසුවූ කිසියම් අයකු වෙත්නම් වහාම පොලීසියට ඒ බව දැනුම් දෙන ලෙසත් පොලීසිය දන්වා සිටී.

    එමෙන්ම පොලීසිය දන්වා සිටින්නේ කිසියම් හෝ ඔන්ලයින් ඇනවුම් කිරීමක් කරන්නේ නම් හෝ එවැනි පිටු හා ගනුදෙනු කරන විට එම අවස්ථාවේදී ලැබෙන පණිවුඩ තහහවුරු කිරීමේදී ඉතා ප්‍රවේශම් වන ලෙසයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.