තවත්
    මුල් පිටුවspecialලෝකයේම තුන්වැනි ධනවතා 'අදානි'

    ලෝකයේම තුන්වැනි ධනවතා ‘අදානි’

    ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරික ගෞතම් ආදානි ලොව තුන්වැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

    බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් පළ කළ නවතම වාර්තාවට අනුව ආදානි මෙලෙස ලොව තෙවැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත.

    එම වාර්තාවට අනුව අදානි සතු මුලු වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලයන 137කි.

    ආදාල අඩවියේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සටහන්ව ඇත්තේ ඇමරිකානු ව්‍යාපාරිකයින් වන ඊලොන් මස්ක් වන අතර දෙවැනි ස්ථානය ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් හට හිමි වී තිබේ.

    ලොව ධනවත්ම පුද්ගලයින් තිදෙනා අතරට ඉන්දීය ජාතිකයකු පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි.

    එමෙන්ම ලොව දෙවැනියට ධනවත්ම පුද්ගලයා ජෙෆ් බේසෝස් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 153ක් ලෙස සඳහන් වේ.

    මේ අතර ලොව ධනවමත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 251ක් ලෙසට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

    ගෞතම් ආදානිගේ ව්‍යාපාර කටයුතු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී පවතී.

    ඔහු වරාය, ගුවන්, සූර්ය බලශක්ති සහ ගල් අගුරු යන ක්ෂේත්‍රවල ව්‍යාපාර සිදුකරන අතර මේවන විට ඉන්දියාවේ අන්තර්ජාලය සේවා සැපයීමට ද එක්වෙමින් එරට තුල නව 5ජී තාක්ෂණ ව්‍යාපෘතිවලටද සෘජුව සම්බන්ධ වී ඇත.

    ආදානි විසින් කොරෝනා වසංගත සමයේදී සිය වත්කම් සීඝ්‍රයෙන් වර්ධනය කරගැනීමට සමත්විය.

    ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී ඉන්දියාව තුල ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති රැසකට අදාල ක්ෂේත්‍රවල සිය ව්‍යාපාර කටයුතු කිරීමට ආදානි පසුගිය කාලයේදී පියවර ගෙන තිබිණි.

    ආදානි මෙරට වරාය කටයුතුවලට අයෝජනය කිරීමට පසුගිය කාලයේදී පැමිණි අතර ඒ සම්බන්ධයෙන් මෙරට තුල යම් ආන්දෝලනයක්ද ඇති විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img