තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය යෝජනා: රජයට මින්පසු විදුලි වාහන විතරයි - ආනයනයටත් වැට

    අයවැය යෝජනා: රජයට මින්පසු විදුලි වාහන විතරයි – ආනයනයටත් වැට

    පොසිල ඉන්ධන මගින් ධාවනය කෙරෙන වාහන රජයේ කාර්යයන් සඳහා මිලදී ගැනීම අත්හිටුවීමට අතුරු අයවැය මගින් යෝජනා කර තිබේ.

    ඒ අනුව ඉදිරියේදී විදුලිය භාවිතයෙන් ධාවනය කෙරෙන වාහන පමණක් රජයේ අවශ්‍යතා සඳහා යොදාගැනීමට එමගින් යෝජනා වී ඇත.

    මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතුරු අයවැය මගින් මේ බව යෝජනා කර ඇත.

    මේ අනුව පෞද්ගලික අංශයට ද මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන ලෙස ද මුදල් අමාත්‍යවරයා යෝජනා කර සිටී.

    ඉදිරියේදී මෙරට තුළ විදුලි වාහන භාවිතය ඉහළ නැංවීම මගින් පොසිල ඉන්ධන සඳහා දැනට වැයවන අධික වියදම අඩුකිරීම අපේක්ෂා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ඉන්ධනවලින් වාහන ධාවනයවීම නෙමෙයි ප්‍රශ්න ඩොලර් නැති කම.
      බන්දුල කොමිස් ගන්න මුදල් ඇමති කඩේ යන්න ඕනේ නැහැ.
      බන්දුල උගත්, වැදගත්, රටට ආදරය කරන ඇමතිවරයානම්
      වාහන ආනයනයට ඉඩ දෙන්න එපා ඩොලර් නැති වෙලාවක. CBSL. සියලු දෙනාම කරුණු පැහැදිලි කරන්න.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img