තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ ණය හිමියන් සාකච්ඡාවට කැඳවීම ගැන ජපාන රජයෙන් ප්‍රකාශයක්

    ශ්‍රී ලංකාවේ ණය හිමියන් සාකච්ඡාවට කැඳවීම ගැන ජපාන රජයෙන් ප්‍රකාශයක්

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට සියලුම ණයහිමි රටවල් එක්රැස් වීම වැදගත් බැවින් ජපානය මෙම කාරණය සම්බන්ධයෙන් අනෙකුත් ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කරන බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අද පවසා තිබේ.

    ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ප්‍රධාන ණය දෙන ජාතීන්ට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මාසයේ රොයිටර් පුවත් සේවයට පැවසීය.

    මීට පෙර අඟහරුවාදා ජපාන විදේශ අමාත්‍ය යොෂපාසා හයාෂි කියා සිටියේ එවැනි හමුවක් පැවැත්වීමට තම රට ශ්‍රී ලංකාව සමඟ එතෙක් සාකච්ඡා නොකළ බවය.

    ‘අපි ශ්‍රී ලංකාව සමඟ විවිධ අන්තර් ක්‍රියා කරමින් සිටිමු, නමුත් එවැනි සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකාව සමඟ කිසිදු සූදානමක් මෙතෙක් සිදුවී නැත.’ හයාෂි නිතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පසුගියදා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img