තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ අයවැය කතාව අද

    ජනපතිගේ අයවැය කතාව අද

    විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව(අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (30)පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත ය.

    පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සවස 1.00ට රැස්වීමට නියමිතය.

    අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

    මේ අතර වත්මන් ආර්ථික තත්ත්වය පිළිබදව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද(30) ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා පාර්ලිමේන්තුවේදී මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img