තවත්
    මුල් පිටුවspecialපැපැදිකරුවෝ ජර්මනිය වටලති

    පැපැදිකරුවෝ ජර්මනිය වටලති

    වඩා යහපත් ප්‍රවාහන ක්‍රමයක් සහ විධිමත් පාපැදි මන්තීරු ඉල්ලා ජර්මනියේ පාපැදිකරුවන් දහස් ගණනක් එරට මාර්ග හරස් කර විශාල විරෝධතාවක් පවත්වා ඇත.

    ඒ අනුව විරෝධතාකරුවන් විසින් එරට ෆ්‍රෑන්ෆර්ට් සිට වීස්බාඩන් දක්වා කිලෝමීටර් 40ක දුරක් මර්ග අවහිර කරමින් පාපැදි ධාවනය කර ඇති බව ජර්මානු මාධ්‍ය සඳහන් කරයි.

    කුඩා දරුවන්ගේ සිට මහලු අය දක්වා පාපැදිකරුවන්ට විශාල පිරිසක් මෙම විරෝධතාවට එක් වූ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් පැය නවයක කාලයක් පුරාවට පැවති විරෝධාවයට අඛණ්ඩව සම්බන්ධව සිටීමද විශේෂත්වයකි.

    විරෝධතාවය සම්බන්ධයෙන් ජර්මානු පැපැදිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා ඇත්තේ කාලයකට පටන් ජර්මානු රජයෙන් කරනු ලබන ඉල්ලීම්වලට කන්නොදීම හේතුවෙන් මෙම විරෝධතාව පැවැත්වූ බවයි.

    එම සංගමය විසින් පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරනු ලබන අතර 2030 වන විට පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යක් ජර්මනිය තුළ ඇති කිරීමට ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ වී තිබේ.

    කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපිතිවරයා පවසා ඇත්තේ, “දශක ගණනාවක සිට පාපැදිකරුවන්ට යෝග්‍ය ලෙස මාර්ග පද්ධතිය සකස්කරණ ලෙසට කුඩා විරෝධතා පැවැත්වුවත් කිසිම ඵලක් වුනේ නැහැ. ඒ නිසා මෙවර අපි විශාල විරෝධතාවක් පවත්වන්න තීරණය කළා.” යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img