තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට්ටුවට

    ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට්ටුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණයට අදාළ යෝජනාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර ඇති බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද පැවසීය.

    ඒ අනුව ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ 49% කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    කෙසේවෙතත් මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා කිරීමෙන් අනතුරුව ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි විය යුතු වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img