තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගම්පහ 'මිස්ටර් කට්' සැලොන් ඝාතකයින් STF දැලේ

    ගම්පහ ‘මිස්ටර් කට්’ සැලොන් ඝාතකයින් STF දැලේ

    කෙහෙල්බද්දර පිහිටි මිස්ටර් කට් සැලොන් ආයතනයට කඩා වැදී කරණවෑමියෙකුට වෙඩි තබා පළාගිය කණ්ඩායම හදුනාගත් පොලිස් විශේෂ කාර්ය බලකාය කාන්තාවක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවටගෙන තිබේ.

    ඒ ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද සමගිනි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 30ත් අතර පසුවන්නන්ය. ඔවුන් පෙතියාගොඩ, කොටුගොඩ සහ මාකෙවිට පදිංචිකරුවන්ය.

    විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගම්පහ අධිකරණය ඉදිරිපිටදී පස් පොඩ්ඩා ඝාතනය කිරීමෙන් පසු ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස මිස්ටර් කට් සැලොන් ආයතනයට වෙඩි ප්‍රහාරය එල්ල විය. එහිදී ඉලක්කය වැරදී යාමෙන් ඝාතනය වන්නේ එහි කරණවෑමියෙක් ලෙස සේවයේ නිරතව සිටි අචිර නෙත්රුවන් නැමැති තරුණයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img