ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව එරට වාර්තා පවසයි.
එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇතැයි ජපානය අපේක්ෂා කරන නමුත් ජපානය ද යම් අවිනිශ්චිතතාවයක පෙළෙන බවට එරට වාර්තාවල දැක්වේ.
ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ලොකුම ණය හිමියා වන චීනය මෙම සාකච්ඡා සමුළුව සඳහා සහභාගි වනු ඇත්දැයි පවතින අවිනිශ්චිතතාවයයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මුල්‍ය තතත්වය අපැහැදිලි තත්ත්වයක් මේ සම්බන්ධයෙන් මතුවු අවිනිශ්චිතතාවන්ට හේතුවී තිබේ.
2020 අවසානයේ දී ද්විපාර්ශ්වික පදනමින් ඩොලර් බිලියන 6.2 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලංකාවේ ණය පියවීමේ ක්‍රියාවලිය වේගවත් කළහොත් චීනය සමඟ එවැනි රැස්වීමක මුලසුන දැරීමට ජපානය කැමැත්තෙන් සිටින බව මෙම මූලාශ්‍රය පවසා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ රොයිටර් පුවත් සේවයට පැවසුවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ ලොකුම ණය හිමිකරුවන්ට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බවයි.
ඝාතනයට ලක් වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට අපේක්ෂා කරන විට ලබන මාසයේ ටෝකියෝ නුවරදී අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ මෙම ගැටලුව සාකච්ඡා කරන බව ඔහු පැවසීය.
ජපානය පවසන්නේ දෙවැනි විශාලතම ණයහිමියා වන ජපානයට ද ශ්‍රී ලංකාව මුදාගැනීමේ වගකීමක් ඇති බවය.
එය ඩොලර් බිලියන 3 ක ණය ආපසු ලබා ගැනීමට පමණක් නොව, කලාපය තුළ චීනයේ වර්ධනය වෙමින් ඇති පැවැත්ම පරීක්ෂා කිරීමේ රාජ්‍යතාන්ත්‍රික උනන්දුව ද හේතුවෙනි.
ණය දෙන්නන් එක්ව සාකච්ඡා කිරීමට හැකි වේදිකාවක් අවශ්‍ය බව ජපානය විශ්වාස කරන බව එරට ඉහළ පෙළේ නිලධාරියකු සඳහන් කර තිබේ.
“ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීම පැහැරහැරිය හැකි කාලය ද අවසන් වෙමින් පවතී. ප්‍රමුඛතාවය වන්නේ ණය දෙන ජාතීන් ඵලදායී යෝජනා ක්‍රමයක් සඳහා එකඟ වීමයි,” එක් මූලාශ්‍රයක් පැවසීය.
“ජපානය මෙය ඉදිරියට ගෙන යාමට උනන්දු වෙයි. නමුත් එය ජපානයට පමණක් අත ඔසවා ඉදිරියට තල්ලු කළ හැකි දෙයක් නොවේ. ”මූලාශ්‍රය පැවසුවේ අනෙකුත් ජාතීන්ගේ සහයෝගීතාවය තීරණාත්මක බව ය.
ජපාන විදේශ අමාත්‍යාංශය මේ පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැත. IMF ප්‍රකාශක ද අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව එරට වාර්තාවල සඳහන් වේ.