තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්EPF ගන්න පෝලිමට යන්න එපා..

    EPF ගන්න පෝලිමට යන්න එපා..

    සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්රතිලාභ ලබාගැනීම සදහා දැනට පවතින දිගු පෝලිම්වලට තිත තැබීමේ පියවරක් ලබන පළමුවැනිදා සිට නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
    ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ලබාගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සදහා දිනයක් සහ වේලාවක් 1958 අංකයට අමතා හෝ   appointment.labourdept.gov.lk යොමුව මගින් ලබාදීමට කටයුතු කළ හැකිය.
    ඒ අනුව පෝලිම් නොමැතිව කම්කරු දෙපාර්තමේන්තුව හරහා ලබාගතයුතු සේවාවන් ලබාගැනීමේ හැකියාව සලසා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
    මේ අතර කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ද කඩිනම් කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img