fbpx
තවත්
    මුල් පිටුවspecialiPhone-14 චීනයෙන් ඉන්දියාවට

    iPhone-14 චීනයෙන් ඉන්දියාවට

    ඇපල් සමාගමේ නවතම අයිෆොන් 14 ඉන්දියාවේ නිපදවීමට තීරණය කර ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

    මේවන විට ඇපල් සමාගම මුහුණ දී ඇති නිෂ්පාදන කටයුතු වල පවතින ප්‍රමාදය අවම කරගැනීමට මෙලෙස සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාවේදී සිදු කිරීමට තීරණය කර ඇති බවද අදාල වෙබ් අඩවිය අනාවරණය කරයි.

    ඒ අනුව මෙතක් ඇපල් සමාගමේ නවතම දුරකථ මාදිලි නිපදවීම සිදුකල චීනයේ නිෂ්පාදන ආධිපත්‍ය ගිලිහී යාම සිදුවනු ඇත. මෙම තීරණයක් සමඟ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී නව අයි ෆෝන් මාදිලය එළිදැක්වීමෙන් පසුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී නව අයි ෆෝනය විශාල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ‍ බ්ලූම්බර්ග වෙබ් අඩවිය සඳහන් කරයි.

    මෙම නවතම තීරණයත් සමඟ ලොව ප්‍රබලතම තාක්ෂණික සමාගම් වන ඇපල් සමාගම විසින් සිය නිෂ්පාදන කටයුතු චීනයෙන් පිටත පිහිටි වෙනත් භුගෝලීය කළාප වෙත ගෙන යෑමට ඇති සැලසුම් සනාථ වේ. කෙසේ වෙතත් ඇපල් සමාගමේ මෙම තීරණයට බලපෑ සාධක කිහිපයක්ම පවතී.

    මීන් පෙර ඇපල් නිෂ්පාදන විශාල වශයෙන් චීනය තුල සිදු කළ පසුගිය කාලයේදී එම තීරණ සම්බන්ධයෙන් දෙවරක සිතා බැලීමට ඇපල් සමාගම සිදුවිය. ඊට හේතුවූයේ පසුගිය කාලයේදී චීනය විසින් එරට තුල පැනවූ සංචරණ සීමාවන්ය. මෙහිදී චීනයේ කර්මාන්ත ශාලාවල මෙහෙයුම් විශාල වශයෙන් අඩපන විය.

    චීනය විසින් පැනවූ දැඩි සංචරණ සීමා හේතුවෙන් ඇපල් සමාගම සිය නිෂ්පාදන නිසි කාලයේදී වෙළෙඳ පොලට සැපීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අභියෝගයට මුහුණදීමට සිදුවිය.

    මෙම සිදුවීම්වලට අමතරව ඇපල් සමාගම සිය නිෂ්පාදනයන් චීනයෙන් පිටතට ගෙන යෑමට හේතුවී ඇත්තේ මේවන විට වොෂින්ටන් පාලනය සහ බීජිං පාලනය අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයයි.

    ඒ අනුව මෙම තත්ත්වය හමුවේ ඇපල් සමාගම සිය නව අයි පෑඩ් නිෂ්පාදන කටයුතුද ඉන්දියාවේ සිදුකිරීමට සැලසුම්කර ඇති බවටද වාර්තවේ. මෙම තත්ත්වය මත ඉන්දියාවේ නිෂ්පාදන සහ ආර්ථික ඉලක්ක කඩිනමින් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.