fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹට විදුලියෙන් දුවන බස්

    කොළඹට විදුලියෙන් දුවන බස්

    කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    එමෙන්ම ඉදිරියේදී විදුලි බලයට පරිවර්තනය කරන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂිත ය. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් UNDP ආයතනය විසින් වෙන්කර ඇත.

    ත්‍රීරෝද රථ ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වේ.

    එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වී ඇත.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මගී ප්‍රවාහනයට සම්බන්ධ සියලු ආයතනවල වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව පැවසීය.

    එමඟින් පනත සංශෝධන කිරීමට, ගාස්තු තීරණය කිරීම හා දඩ මුදල් නියම කිරීමේ බලය ද එමගින් ජාතික ගමනාගමන කොමිසමට ඉඩ ලැබෙන බව කීය.

    මෙම කරුණු අනාවරණය වූයේ ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් අද (22) පැවති අවස්ථාවේදීය.

    ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ලේකම්වරයා, ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් හා UNDP ආයතනයේ නියෝජිතයින් පිරිසක් එක්වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. හොරා, කොමිස් කාරයා, රජයේ දේපොළ ගසා කන්නා!! රටේ අහිංසක ජනතාව තාමත් ඉන්ධන පෝලිමේ ඉහතකී කරුණු හිතාගෙන රට විනාශ කරන්න එපා. පුලුවන් කමක් තියෙනවානම් අර මුදල් ඉන්ධන ආනයනය කිරිමට යොදවන්න. රට සංවර්ධනය වෙයි.
      ණයට ගත් ඉන්ධන විකුණුම් මුදල් හොරා ණන අමානුෂික ක්‍රීයාව නවතිනු.
      මේ වයසේ අවශ්‍යද?

    ඔබේ අදහස් දක්වන්න.