තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෘත්තිය සමිති විරෝධය නොතකා ලංවිම - සිපෙට්කෝ ප්‍රතිව්‍යුහගත කෙරේ

    වෘත්තිය සමිති විරෝධය නොතකා ලංවිම – සිපෙට්කෝ ප්‍රතිව්‍යුහගත කෙරේ

    වෘත්තීය සමිති විසින් විරෝධය පළකළද විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    “ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිව්‍යුහගත සැලසුම්වලට විරෝධය පල කර ඇත. එම සැලසුම් පිළිබඳව ඔවුන්ව මෙයට පෙර දැනුවත් කර ඇත. විරෝධය පල කිරීමේ අයිතියට අභියෝග නොකරන නමුත් ඛණිජ තෙල්, විදුලිබල යන ක්ෂේත්‍ර 2ම ප්‍රතිව්‍යුහගත කල යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    මෙරටට ඉන්ධන ආනයන කිරීමට සහ බෙදාහැරීමට හැකියාව ඇති ආයතන සහ සමාගම් සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට පසුගිය ජුනි(28) දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ජූලි මස 2 වනදා අමාත්‍යවරයා විසින් සියලුම, ලංකා ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති නියෝජිතයන් කැදවා අදාල කැබිනට් පත්‍රිකාව ගැන තොරතුරු සාකච්ඡා කර තිබුණි.

    එහිදී අමාත්‍යවරයා විසින්පිරිපහදුව පෞදගලිකරණය නොකරන බවත් වැඩිදියුණු කරන බවත් ඔවුන්ට පවසන ලදී.

    ඉන්ධන මෙරටට ආනනය කිරීමට සහ බෙදාහැරීමට කැමැත්තක් දක්වම ආයතන සහ සමාගම් සදහා තම යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වමින් , පුවත්පත් දැන්වීමක් ජූලි මස 26 වනදා පළකෙරිණ.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට බලපා ඇති හේතු 8ක් අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අගෝස්තු 5වන දා මාධ්‍යයට ප්‍රසිද්ධ කළේය.

    මෙරටට ඉන්ධන ආනයන කිරීමට සහ ඉන්ධන බෙදාහැරීමට හැකියාව ඇතිබවට යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් පිලිබදව අධීක්ෂණය සදහා කමිටුවක් පත්කර ,එම කමිටුව ප්‍රථම වතාවට අගෝස්තු 5 වන දා අමාත්‍ය කංචන විජේසේකර හමුවිය.

    මේ අතර ‘ජාතික සම්පත් සුරකිමු’ යන මැයෙන් ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් හෙට(22) පස්වරු 1ට ඛණිජ තෙල් අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ණය අරං හොරකම් කරන්න වැඩ පිලිවෙල.
      මොනවාද කරොත් ඉන්ධන ආනයනය නතර කරන්න එපා පෝලිම් යුගය නැති කරන්න

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img