තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අ‍තේ තියෙන විදේශ මුදල් විකුණගන්න - තැන්පත් කරන්න මහබැංකුවෙන් මාසයක් දෙයි

    අ‍තේ තියෙන විදේශ මුදල් විකුණගන්න – තැන්පත් කරන්න මහබැංකුවෙන් මාසයක් දෙයි

    ජනතාව සතුව දැනට පවතින විදේශ මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් මාසයක සමාකාලයක් ප්‍රකාශයට පත් කර ති‍බේ.

    මහජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල්, බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින් මෙම නියෝගය කර ඇත.

    ඒ අනුව තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් හට පහත සඳහන් දෑ සඳහා 2022.08.15 දින සිට මසක පොදු සමා කාලයක් ලබා දී ඇත.

    i. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ
    ii. බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට

    වැඩිදුර තොරතුරු සඳහා,

    (අ) ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ සම්බන්ධ වීමට
    (ආ) විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.dfe.lk  මගින් විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ වූ නියමයට 2022 අගෝස්තු 15 දිනැති අංක 2293/07 දරන (අති විශෙෂ) ගැසට් නිවේදනය මගින් සිදු කරන ලද ඉහත සංශෝධනයන් පරිශීලනය කිරීමට,
    (ඇ) [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් හෝ 011-2477255, 011-2398511 යන දුරකතන අංක මගින් විදේශ විනිමය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට හැකියාව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img