තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝකිලාගේ නිවසට පහරදුන් 21 වෙනියාත් අත්අඩංගුවට

    කෝකිලාගේ නිවසට පහරදුන් 21 වෙනියාත් අත්අඩංගුවට

    පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ ලොලුවාගොඩ පිහිටි නිවසටත් කාර්යාලයටත් පහරදී හානිකර ඒ ආසන්නයේ පිහිටි සහෝදරයාගේ නිවසට හා වාහනවලට ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් නාල්ල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් වන සැකකරු ලෝලුවාගොඩ පදිංචිකරුවෙකි. විසි පස් වියැති මෙම සැකකරු පොලීසියට කට්ටි පනිමින් පසුගිය දිනවල සිටි බව පොලීසිය කියයි.

    මෙම සැකකරුත් සමඟ මේ වන විට මෙම පහරදීම් සහ ගිනි තැබීම් සම්බන්දයෙන් පුද්ගලයිනක් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ භික්ෂුවකි.

    ගාලුමුවාදොර අරගලභූමියට ඉකුත් මැයි 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරයෙන් පසු ව රටපුරා ඇතිවූ නොසන්සුන් තත්ත්වය හමුවේ මෙම පහරදීම සහ ගිනි තැබීම සිදුවී තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img