fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමතිවත් රවටා උත්සව තියලා කරපු ඖෂධ හඳුන්වාදීමේ සෙල්ලම

    ඇමතිවත් රවටා උත්සව තියලා කරපු ඖෂධ හඳුන්වාදීමේ සෙල්ලම

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඊයේ අලුතින් වෙළඳපොළට හඳුන්වා දුන් බව කියන ඖෂධ වර්ග තුනෙන් දෙකක් හඳුන්වාදී තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සංස්ථාව තයිරොක්සින් ඌනතාවය සඳහා ලබාදෙන ඖෂධයක්, ගැස්ට්‍රික් ආම්ලිකතාවය සදහා ලබාදෙන ඖෂධයක් සහ වේදනා නාශකයක් යනාදී වශයෙන් ඖෂධ වර්ග තුනක් අලුතින් වෙළඳපොළට හඳුන්වා වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබූ බව පැවසීය.

    එහෙත් මීට ඉහතදී ඉහත දී එම ඖෂධ වර්ග තුනෙන් දෙකක් ම හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ කාලයේදී සහ මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ කාලයේදී උත්සව තබා වෙළඳපොළට හඳුන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉහළ නිලධාරියකු සෞඛ්‍ය ඇමතිවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඔහු නොමඟ යැවූ බව කියන එම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුතින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය.
      අවශ්‍ය බෙහෙත් වර්ග රෝහල්වල ලේකම්, අධ්‍යක්ෂ, අදාල රෝහල් නිලධාරීන් විසින් අරං ආදාර දෙන රටවල්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දෙන්න මිලදී ගැනීම් නිසාය අල්ලස, දූෂණය, කොමිස් ගහන්න ප්‍රශ්න තියන්නේ.
      මේකත් අර වගේමයි.

    ඔබේ අදහස් දක්වන්න.