චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට සේන්දුවීම වෙනුවෙන් පැවති උත්සවයේ හිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ යන අමාත්‍යවරු ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය රතන හිමි ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනෙක් සහභාගිවී සිට ඇත.
ඒ අය සියළු දෙනාම පාහේ ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ 10 නියෝජිතයන්ය.
මෙහිදී විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු එම උත්සභ සභාවද අමතනු ලැබීය.
එහිදී ඔවුන් දෙදෙනාම අවධාරණයකරනු ලැබුවේ චීනය කිසිවිටකත් ශ්‍රී ලංකාවට බලපෑම්කර නොමැති බවත් චීනය ශ්‍රී ලංකාවේ මිතුරෙක් බවත්ය.